මේ පාසල් නිවාඩු කාලයේ දකුණු ලක සිරි නරඹන්නට යන ඔබට පුංචි ඔත්තුවක් දෙන්නයි මේ වෑයම. මාදු ගඟ සවාරි ගැන නම් ඔබ දැනටමත් දන්නවා ඇතිනේ. නොදන්නේ නම් මෙතැනින් විස්තර දැනගන්න. එසේ මාදු ගඟේ චාරිකාවේ දී අමතක නොකර මේ ස්ථානයත් නරඹන්න යන්න.
බළපිටිය මාදු ගෙඟ් මිරිදිය ජාකොටුවක්, පවත්වාගෙන යන සමන් වසන්ත ඒ ඇසුරින් අපූරුම මත්ස්‍ය චිකිත්සක ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. ජාකොටුවලම මොසැම්බික් විසිතුරු මසුන් සහ තිලාපියා මසුන් ඇති කිරීමට ඔහු පෙළඹෙන්නේ මේ නිසාය. මේ ඇසුරින් මත්ස්‍ය චිකිත්සාව සාර්ථකව කළ හැකි බව ඔහු අවබෝධ කරගත්තේ ය.
ශ්‍රී ලංකාවේ එවැනි චිකිත්සක ක්‍රමයක් ආරම්භ කළ මුල්ම පුද්ගලයා ඔහුය. මෙම තරුණයාගේ මත්ස්‍ය පොකුණ පිහිටියේ මාදු ගඟ මැදය. මත්ස්‍ය චිකිත්සාවෙන් ලේ ගමනා ගමනය වර්ධනය වී සමේ ඇති වන ඇතැම් චර්ම රෝග සුව කර ගැනීමට ද ආතතිය හා පීඩනය අඩු කර ගැනීමට ද හැකි බව පිළිගෙන ඇති මතයකි. මේ ක්‍රමයෙන් මැරී ගිය සම ස්වභාවික ලෙස ඉවත් කර ගැනීමට මාළුවා උපකාරි වේ.
සමන් වසන්ත තිස්තුන්වන වියෙහි පසුවන පාරම්පරික ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර තරුණයෙකි. බලපිටිය මාදු ගංගාවේ ජා කොටුවල මසුන් ඇති කරමින් ජීවත් වූ තම තාත්තාගේ පසුව මෙම රැකියාව දැන් සිදු කරන්නේ සමන් වසන්තයි. මාදු ගගේ ජාකොටු වළ ඇති කරන මසුන් විකුණා ඔවුහු ජීවත් වූහ. දැන් මෙම චිකිත්සක ක්‍රමයෙන් ඔහු ආදායමක් උපයයි.
මිහිරියාවක් සතුටක් වින්දනයක් ලැබෙන්නා වූ මේ සුන්දර මත්ස්‍ය චිකිත්සාව ඔහු දෙස් විදෙස් සංචාරකයන්ට ඉතාමත් පහසු සහ අඩු මිලකට ලබාදේ.
මේ ක්‍රමය තායිලන්තයේ ජපානයේ අතිශය ප්‍රසිද්ධ චිකිත්සක ක්රමයකි.
බළපිටිය මාදු ගෙඟ් මිරිදිය ජාකොටුවක්, පවත්වාගෙන යන සමන් වසන්ත ඒ ඇසුරින් අපූරුම මත්ස්‍ය චිකිත්සක ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. ජාකොටුවලම මොසැම්බික් විසිතුරු මසුන් සහ තිලාපියා මසුන් ඇති කිරීමට ඔහු පෙළඹෙන්නේ මේ නිසාය. මේ ඇසුරින් මත්ස්‍ය චිකිත්සාව සාර්ථකව කළ හැකි බව ඔහු අවබෝධ කරගත්තේ ය.
ශ්‍රී ලංකාවේ එවැනි චිකිත්සක ක්‍රමයක් ආරම්භ කළ මුල්ම පුද්ගලයා ඔහුය. මෙම තරුණයාගේ මත්ස්‍ය පොකුණ පිහිටියේ මාදු ගඟ මැදය. මත්ස්‍ය චිකිත්සාවෙන් ලේ ගමනා ගමනය වර්ධනය වී සමේ ඇති වන ඇතැම් චර්ම රෝග සුව කර ගැනීමට ද ආතතිය හා පීඩනය අඩු කර ගැනීමට ද හැකි බව පිළිගෙන ඇති මතයකි. මේ ක්‍රමයෙන් මැරී ගිය සම ස්වභාවික ලෙස ඉවත් කර ගැනීමට මාළුවා උපකාරි වේ.
![]() |
සමන් වසන්ත |
මිහිරියාවක් සතුටක් වින්දනයක් ලැබෙන්නා වූ මේ සුන්දර මත්ස්‍ය චිකිත්සාව ඔහු දෙස් විදෙස් සංචාරකයන්ට ඉතාමත් පහසු සහ අඩු මිලකට ලබාදේ.
මේ ක්‍රමය තායිලන්තයේ ජපානයේ අතිශය ප්‍රසිද්ධ චිකිත්සක ක්රමයකි.
pix by lankinda nanayakkara