සුපුරුදු විදියට සෙනසුරාදා හැන්දෑවේ මමත් මුළුතැන් ගෙට ගොඩ වැදුණා. බොහොම සරළ ඉක්මනින් සාදාගත හැකි රසවත් රාත්‍රී ආහාරයක් තමයි මං පිළියෙල කෙරුවේ. තමන්ගේ කෑම වේල තමන් ම හදාගන කන එකෙත් පොඩි ලල් එකක් තියනවයි කියල දැනෙන්නේ එහෙම හදාගන කාපුවාම තමයි.
ඔන්න මං හැදුවේ ගාර්ලික් බ්‍රෙඩ් (garlic bread) එක්ක වෙජිටබල් මික්ස් චිකන් සුප් එකක් (chikan soup with wegitable). නිවාඩු පාඩු වෙලාවක මේ විදියටත් හදල බලන්නකෝ.
ඉහළ පින්තූරයේ තියන විදියට එළවළු ටික හා මස් කෑල්ල සෝදලා තියාගත්තා පැත්තකින්.
ඔව් ඒ පිඟානේ තියෙන්නේ මෙන්න මේ දේවල්
1. කැරට් ලොකු කැබලි ලෙස
2. බී ලූණු
3. සැල්දිරි අත්තක් ලොකු කෑලි ලෙස
4. කොත්තමල්ලි මුල් කෑල්ලක්
5. කොත්තමල්ලි කොළ ස්වල්පයක්
6. ලූණු කොළ ලොකුවට කපාගන
7. මල් ගෝවා
8. නිවිති කොළ
9. කුකුල් මස් කැල්ලක් කටු රහිත
මේ හදල තියන්නේ තනි කෙනකුට අවශ්‍ය ප්රමාණයටයි. ඔබගේ අවශ්‍යතාව අනුව ඒ ඒ දේ වැඩිකරගන්න.