
1994 වන විට,ඒ වන තෙක් පැවැති දුර්දාන්ත පාලනයේ සියලු පදනම් පුපුරුවා හරින්නට ජනතාව සමත් වූ අතර,එකී මහ ජනකාය තුල විරෝධයේ රළ වේගය ඉහලින්ම නිර්මාණය කරන්නට සමත් වූ අල්පයක් ප්රගතිශීලීන් අතර සුනිල් අයියා පෙරමුණේම විය.
ඉනික්බිති,කොතෙක් දේ සිදුවීද,ඒ නිශ්චිත මොහොතේ සුනිල් අයියා ගේ මැදිහත් වීම අරඹයා වීරත්වය පිළිබඳ නොවියැකෙන සුළු ආදර්ශයක් තවමත් අප තුල සනිටුහන් කොට තිබෙන වග කිව යුතුවම ඇත.
ඉතින් මේ උපහාරයට ඒ නොවියැකෙන සුලු වීරත්වය ද හේතුවක් වූ බව මා ඔබට කිව යුතුමය.. ඉන් ඔබ්බට මේ සැමරුම කුමක් සඳහා දැයි යන්න දැන ගැනීමට මාර්තු 10 සවස 2:00 ට කොළඹ මහජන පුස්තකාලයට ඔබත් ආ යුතුමය..
Asangi Anju Wijesooriya