Amazing Sri Lanka
beauty episode 1
Travel Kumana with GoPro
1970 ජනවාරි 20 වන දා ජාතික උද්‍යානයක් වශයෙන් නම් කරන ලද කුමන වඩාත් ප්‍රසිද්ධ එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.එය කුරුලු අභය භූමියක් ලෙස 1938 දී ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම අභය භූමියේ විශාලත්වය හෙක්ටයාර 35,664 කි
සතුන් හා ශාක කළපු සහ වැව්වලින් යුක්තය. කුඹුක්කන් ඔය පිහිටා ඇත්තේ මෙහි වේ. පලු, ඇහැළ, බුරුත, නෙළුම්, මානෙල් වැනි ශාක වලින් සමන්විතය.මෙහි පක්ෂීන් විශේෂ 255 පමණ වාර්තා වී ඇත.අලි-මානාවා, හීන් බහුරු මානාවා, යුරාසියා හැඳිඅලවා, මහ ගොළුකිරළා මෙන්ම සංක්‍රමණික පක්ෂීන් අතර කොකුන් වර්ග,ලිහිණි වර්ග,තාරාවුන් වර්ග, වටුවන් වර්ග, හැඳි ආලාවා, පොරෝ කෑදැත්තා වේ.තිලාපියා සහ ගල් මාලු යන මත්ස්‍යයන්, කිඹුලන් සහ කැස්බෑවන් වැනි උරගයන් මෙන්ම හිවලා,ඌරා, අලියා,බිලාල වර්ගයට අයත් ක්ෂීරපායීන් ද මෙහි වාසය කරයි.උද්‍යානයේ අලි ගහනය 30-40 පමණ වේ.
නැරඹීමට යාමේදී දැනගත යුතු කරුණු
අප්‍රේල්-ජූලි මාස වලදී පක්ෂීන් දස දහස් ගනනින් සංක්‍රමණය වන නිසා එම කාලය නැරඹීමට යාමට වඩාත් සුදුසු කාලයයි.
කුමන යන්නේ නම් වඩා පහසු පානම පිවිසුමට ගොස් ඇතුළු වීමයි. මොණරාගල , සියඹලාන්ඩුව, ලාහුගල, පොතුවිල්, අරුගම්බේ ඔස්සේ පානමට ළගා විය හැකියි.
Ramsar wetland kumana
Sri Lanka designates Kumana Wetland Cluster Ramsar Site as its 5th Wetland of International Importance
This Ramsar Site (19,011 ha; 6°37’N 81°44’E) falls within two existing protected areas, Kumana National Park and the Panama-Kudumbigala Sanctuary. Located South-east of Sri Lanka in the Ampara District, this site consists of a diversity of coastal wetland habitats, including lagoons, estuaries, irrigation reservoirs, mangroves, salt marshes, interspersed with sand dune, scrubland and forest vegetation.