රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2017-09-20

නොහඬන් විල්පත්තුව | Don't Cry Wilpattu

ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව මැදිහත්ව මේ ගැන සිතන්න. වනාන්තරයක් යනු රටකට සම්පතකි. එදා නිල්ලෙන් පිරි හරිත වියනක්ව තිබූ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් අදවන විට මුඩු බිමකි. අවිධිමත් ජනාවාසයකි. ජනාවාසයෙන් නොනැවතී තව දුරටත් මහ වනය ගිල ගන්නා රාක්ෂයෙකි. වැනසෙන්නේ ජාතියට හදවතක් බඳු වූ මහා හරිත වියනයි.

2017-09-19

ඩුබායි රටේ මින් මැදුරේ කිමිදෙන්න යමු ද? | Dubai aquarium and underwater zoo

ලෝකයේ විශාලතම එල්ලෙන මින් මැදුර පිහිටලා තියෙන්නේ ඩුබායි රටේ. ඒක හඳුන්වන්නේ Dubai aquarium and underwater zoo කියලයි. විවිධ වර්ගයන්ට අයත් මසුන් ලක්ෂ ගානක් මෙහි ඉන්නවා. මෙහි ඇති විශේෂත්වය තමා උමග තුළ සිට වගේම වතුර යට කිමිදෙමින් ද මත්‍යයයන් නරඹන්න අවස්ථාව තිබීම. 
ඒ කටයුත්ත ආවාට ගියාට කරන්න නම් අවසර නෑ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඔබ පසුවිය යුතුයි. ඒ වගේම එයාලගේ නීති මාලාවකුත් තියනවා එසේ කිමිදෙමින් මසුන් නරඹන්නේ නම්. ඒ සියල්ලටම ඔබ එකඟ විය යුතුයි.
මෙහිදි ඔබට වතුර යට සිට දරුණු වර්ගයේ මෝරන් වැනි මත්ස්‍යයන් සමග ගැවසෙන්න හැකියි. ඔබේ ආරක්ෂාවට ඔබ වතුර යට සිටින්නේ යකඩ කූඩුවක් තුළයි.

2017-09-18

මුහුදේ සුන්දරත්වය විඳින්න එන්න පේසාලෙට | pesalai beach | Amazing Sri Lanka beauty

සංචාරකයන් විසින් අත හැර දමා ඇතැයි සිතෙන එහෙත් සුන්දරත්වයෙන් අනූන ස්ථානයකි මන්නාරම හා ඒ අවට ප්‍රදේශය. මන්නාරම් චාරිකාවේ දී අපි ගිය තවත් සුන්දරම ස්ථානයකි පේසාලේ මුහුදු වෙරළ.
මන්නාරම සිට තලේමන්නාරම දෙසට කිලෝ මීටර් 17ක් යන විට පේසාලේ නගරයත් මුහුදූ තීරයත් අපට හමුවේ.
නිසල මුහුදක් ඇති වෙරළ ආශ්‍රිතව නොගැඹුරු පැහැදිලි ජලයක් ඇති අපුරුම ඉසව්වකි පේසාලේ මුහුදු තීරය. 



දැනට ධීවර ගම්මානයක් ලෙසින් පවතින මේ මුහුදු තීරය තාමත් සංචාරක ආකර්ශනයට නතු නොවී තිබීම ගැන ඇත්තේ කනගාටුවකි.
සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ නම් තවත් අගනා පෙදෙසකි පේසාලේ.
මෙහි දී අප දුටු විශේෂත්වය නම් බටහිර රටවල සංචාරකයන් අතන මෙතැන මේ වෙරළේ විනෝදවන ආකාරයයි. දේශීය සංචාරකයන් නම් දක්නට සිටියේම නැති ගාණය.
පහත වීඩියෝවේ ඇත්තේ අප විසින් ඩ්‍රෝන් කැමරාවක් ඇසුරින් සැකසූ පේසාලේ මුහුදු තීරය ගැන වූ වීඩියෝවකි. එය යූ ටියුබය ඔස්සේ නරඹන්නේ නම් පහත ලින්කුවෙන් නැරඹිය හැකිය.
https://youtu.be/npEFBXb-1iM

මෙන්න වීඩියෝව




2017-09-06

බ්ලොග් වසන්තය 2017 | Sri lanka bloggers award ceremony

තුන්වැනි වතාවටත් බ්ලොග් වසන්තය සම්මාන උළෙල රත්නපුරේ සප්තපාදී හෝටලයේ දී අති සාර්ථකව පැවැත් වුණා. බ්ලොග් ලියන කියවන කාටත් මහත් විනෝදයක් ගෙනදුන් මේ අවස්ථාව උදාවුණේ ඉන්දික කොඩිතුවක්කු, දුශාන් කරවිට වගේම අතුල තිලක් රණසිංහ කියන බ්ලොග් කරුවන් තිදෙනා නිසයි.
බ්ලොග් කරුවන් බ්ලොග් ලෝකයෙන් ඈත්ව යන වකවානුවක ඉන්දික හා දුෂාන්ගේ සංකල්පයක් මත තමයි මේ බ්ලොග් වසන්තය ආරම්භ වුණේ. 

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්