රට තොට ඇවිදින සහ පොත් පත් කියවන අපේ කාලයේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අපූර්ව අද්දැකීම්. ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

2018-10-31

උදාවෙන්නේ හික්කා සංචාරක සමයයි | The Hikkaduwa tourists season is Commencing

ලොව සංචාරය කිරීමට ‌හොඳම රටවල් අතර මුල් තැනට අපේ රට පත් වූයේ පසුගිය වසරේ දී ය. එය මේ වසරේ කෙබඳු වේ දැයි අවිනිශ්චිතය. 
හේතුව මෙරට වත්මන් දේශපාලන ක්‍රියාදාමයන් ය.
එය එසේ තිබියදී තව සති කීපයක ඇවෑමෙන් උදාවන්නේ හික්කඩුව සංචාරක සමයයි. දහස් ගණනක් සංචාරකයන්ගෙන් හික්කා පුරවරය පිරී යන්නෙත්ත් විදේශ විනිමය ඇදී එන්නේත් මේ සමයේ දී යි.
සංචාරක සමයේ හික්කඩුවට පැමිණෙන සංචාරකයන් උදෙසා හැකි උපරිමයෙන් සත්කාර සපයන්නට දැන් දැන්ම එහි සියලු සංචාරක හෝටල් සුදානම් වෙමින් පවතින අයුරු අපට දැක ගන්නට ලැබිණි.

මේ හික්කා සංචාරක සමය වෙනුවෙන් සැකසූ වීඩියෝවකි. මගේ අලුත් යු ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර සහය වන ලෙසද ඉල්ලා සිටිමි.



2018-10-10

ඔකඳ වෙරළේ ධීවර වාඩියක අපුරු රැයක් | A Night-Out in a fishing shack

සංචාරයට සීමා මායිම් නැත.  ඒ ආශ්වාදයට ද සීමා මායිම් නැත. එකිනෙකා විවිධාකාරයට විනෝදාශ්වාදය ලබති. අද අප ඔබ වෙත ගෙන එන්නේ එවන් සංචාරයක් තුළ ලබාගත් අපූරුම  වින්දනීය අද්දැකීමක රූපරාමු පෙළකි.
සංචාරයට කැමැත්තෝ විවිධ වර්ගයේ සංචාරයන් තෝරා ගනිති.‍
අප අද ඉදිරිපත් කරන්නේ මුහුදු වෙරළක් අසබඩ මාළු වාඩියක රාත්‍රිය ගත කළ අපූරු අවස්ථාවක් ගැනයි.
මේ ඔකඳ වෙරළයි.  ශ්‍රී ලංකාවේ ගිනිකොන දිසාවට වන්නට අපූරු වන වන ගහනයකට එපිටින් මේ ඔකද වෙරළ තීරය පිහිටා ඇත.
ආරුගම්බේ සිට කිලෝ මීටර විස්සක් පමණ දුරින් කුමන අභය භූමියට ආසන්නව මේ ඔකද වෙරළ පිහිටා ඇත.
එම වෙරළ අද්දර පාරම්පරික ධීවරයෝ වාඩි ගසා ගනිමින් තම ජීවිකාව සරිකර ගනිති. අපේ අරමුණ වූයේ ඔවුන්ගේ වාඩියක  රාත්‍රියක් ගත කිරීමයි.
ඒ සඳහා අවශ්‍ය ය අවසරය අදාළ ආරක්ෂක අංශයන්ගෙන් මෙන්ම එම ධීවරයන්ගෙන්ද කල් ඇතිවම ලබාගත් අපි හැන්දෑ වරුවේ ඔකඳට ළඟා වීමු.
රාත්‍රී ආහාරයට මෙන්ම පසුදින ආරයට ද වශ්‍ය සියලු කළමනා අප විසින් රැගෙන යන ලදී. විශේෂයෙන් ම  කිවයුතු  මේ ප්‍රදේශයේ පානීය ජලය එතරම් සුදුසු තත්ත්වයක නැති බැවින් පානීය ජලය අවශ්‍ය ප්‍රමාණය රැගෙන යා යුතු බවයි.
ඉර අවරට ගිය පසු කිසිදු විදුලි බලයක් නොමැති හෙයින්  ඉර අවරට හැරෙන්නට කලින් පි අපගේ රාත්‍රී ආහාරය සකසා ගතිමු.
සැන්දෑවේ උදාවත් සමඟ වනසතුන් අප කඳවුරු භූමිය ආසන්නයට පැමිණෙනු දක්නට ලැබිණි. චමත්කාර දසුනකි. එසේම පසුදින අලුයම හිරු උදාව දවසක නැරඹිය යුතුම දසුනකි. මේ වින්දනීය අත්දැකීම් ලබාගන්න නිසි අවසරය ගෙන ඔබත් යන්න. ගෙන ගිය සියලු දෑ රැගෙන එන්න එහි පාසටහන් පමණක් තබා. පරිසරයට දැඩි සංචාරක එක්වන්න අපේ ඉල්ලීම එයයි.
ඒ වින්දනීය මොහොතේ වීඩියෝව පහතින් නරඹන්න. 












2018-10-08

Amuthu Bath | අමුතු බතක් | Short Joke

හාස්‍ය රසයට අපි කවුරුත් කැමතියි. ඉවුං පිහුං කටයුතු ගැන හාස්‍ය මුසු වැඩසටහනක් වීඩියෝ ලෙසින් අපි ඔබට ඉදිරිපත් කරන්න අප මේ සුදානම් වෙන්නේ.
අද ගෘහණියෝ ඉවුම් පිහුම් කටයුතු සම්බන්ධව නොයෙක් විදිහේ වීඩියෝ වැඩසටහන් නරඹනවා.
ඉතින් මේ සම්බන්ධයෙන් හාස්‍ය මුසු වීඩියෝවක් සකසන්නට අපේ කණ්ඩායම ගත් පුංචි උත්සාහයක්  මේ.
ප්‍රවීණ සූපවේදී පෝක් රයිස් ගේ උපදෙස් අනුව  මේ වැඩසටහන මෙහෙයවන්නේ යුගයේ ජනප්‍රිය නිවේදක කුකුල් ජිත් කුමාර.
අපේ වීඩියෝ පිළිබඳ ඔබගේ අවංක අදහස අපි බොහොම ආදරෙන් බලාපොරොත්තු වෙනවා.

පහළින් වීඩියෝව නැරඹිය හැකියි.


2018-09-28

වින්දනයේ පාරාදීසය ආරුගම්බේ | Arugam Bay The Surfers Paradise Beach

ලංකාවේ ගිනිකොණ දිසාවට වෙන්නට පිහිටි ලෝකප්‍රකට සුන්දර මුහුදු තීරයක් වෙයි. ඒ ආරුගම්බේ වෙරළ තීරයයි. සර්ෆින් හෙවත් රළ මත ලෙස්සායාම සඳහා සුදුසුම වූ රළ නගන වෙරළ තීරයක් හැටියටයි මෙය ලොව පුරා ප්‍රචලිත.
ජූනි මාසයේ සිට නොවැම්බර් මුල දක්වා පමණ කාලය මෙහි සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන වකවානුවයි. සර්ෆින් ක්‍රීඩාවට වඩාත්ම සුදුසු රළ නැගුමක් ඇති වන්නේ මේ කාලයේ දී යි.



සංචාරයට කදිම ඉසව්වක් වූ මේ ආරුගම්බේ කළපුව හා ශාස්ත්‍රවේලි සර්ෆින් පුහුණු වෙරළ පිළිබඳ අප කළ වීඩියෝව ඔබට දැන් නැරඹිය හැකියි.
වින්දනයේ පාරාදීසය යන නම අප තබන්නේ මේ ආරුගම්බේට ගැලපෙනම නම නිසයි. බොහෝ සංචාරකයෝ මේ ඉසව්වට ආකර්ශණය වන්නේත් මේ වින්දනීය ලක්ෂණය නොවඩුවම මෙහි ඇති නිසයි. බලන්නකෝ මේ වීඩියෝව. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.

2018-09-03

MISTY VILLAGE MANDARAMNUWARA | මන්දාරම්නුවරට චාරිකාවක් | மந்தாரம்நுவர சுற்றுலா

මන්දාරම් නුවර චාරිකාවකට එක්වන ඔබ ට ඉතා පහසුවෙන් නැරඹිය හැකි ස්ථාන ‌මොනවාද?  එහි පරිසරටය හානියක් නොවන්නට කිසිවකුට බාධාවක් නොවන අයුරින් කඳවුරු ගසන්න තියන තැන් මොනවද? නවාතැන් කොහොමද යන්න පිළිබඳව විමසා බැලෙන වාර්තාමය රුප රචනයකි මේ.
බොහෝ පිරිස් මන්දාරමු නුවර ගොස් කොළපතන ඇල්ල පමණක් නරඹා එන වග අපි දනිමු. එහෙත් මන්දාරම්නුවර අවටම පවතින මේ සුන්දර ස්ථාන මගහැර ගනිති. කබරගල ඇල්ල ඇතිනිවල ඇල්ල රන්කොටියාබොක්ක නැරඹුම් ස්ථානය පෙයාර්ස් ගොවිපල ආදිය එයයි. බලන්න මේ විඩියෝව. පරිසරයට හානියක් නොකොට මේ ස්ථාන සුරකින එක ඔබේ වගකීමකි. මෙන්න මන්දාරම් නුවර වීඩියෝව. මගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. 



2018-08-17

|Highest Point of Sri Lankan Railway Lines|


අපේ රටේ දුම්රිය මංමාවත්වල උසම තැන පිහිටලා තියෙන්නේ උඩරට මාර්ගයේ පට්ටිපොළ දුම්රිය ස්ථානය ආසන්නයේ යි. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සිට ඔහිය පැත්තට මීටර් හයසීයක් විතය යනකොට මේ ස්ථානය අපට හමුවෙනවා. එතැන ඒ ගැන සඳහන් පුවරු දෙකක්ද සවි කොට විස්තර දාලා තියනවා. පසුගිය දා අප එහිගොස් උඩරටමැණිකේ දුම්රිය එනතුරු බලා සිටියා. මේ ඒ සුන්දර දසුනේ හා අපේ චාරිකාවේ විස්තර රැගත් වීඩියෝවයි.



2018-07-23

| චු කරන තැන | ෂෝට් joke - 1 |


අලුත් වැඩක් පටන් ගන්න හිතුවා.  මගේ යු ටියුබ් චැනලයට කොමඩි මාලාවක්. මේ පළමු වැන්න. ඉතින් ඒ සඳහා ඔබ හැමෝගේම සහය අවශ්‍ය කරනවා. මෙය මිතුරන් අතරට අරන් යන්න දායකත්වයක් දෙන්න.


2018-07-04

ගල්බොඩ ඇල්ලේ අභිරහස මෙන්න | The secret of Galboda waterfall

අපේ ගල්බොඩ ගමන සංවිධානය වුණේ පොඩි මැණිකේ කෝච්චියෙන් යන්න.  

කොටුවෙන් උදේ පහයි පණහට ගමන් ආරම්භකර බදුල්ල බලා දිවෙන මේ දුම්රියේ සති අග දවසක් නිසා බොහොම සෙනගක් හිටිය.
නාවලපිටිය පසුකර දුම්රිය ස්ථාන දෙකකින් තමා ගල්බොඩ දුම්රිය ස්ථානය හමුවෙන්නේ. උදේ දහයයි කාල විතර වෙනකොට මෙතැනට පොඩි මැනිකේ ළගා වෙනවා.
ඇල්ලට යන්න නම් අපි ආපහු නුවර පැත්තට මීටර් දෙසීයක් වගේ දුරක් රේල්පාර දිගේ ඇවිදගන එන්න ඕන. ඔන්න එතකොට හමුවෙනවා ඇල්ලට හැරෙන තැන පුවරුව. ඉන් පස්සේ පටු මාවත දිගේ කිලෝමිටර් එක හමාරක් විතර යනකොට මේ ලස්සන දිය ඇල්ල හමුවෙනවා.



ගලබොඩ ඇල්ල ගැන කිසිවෙක් නොකි අපුරු කතාවක් අද අපි ඔයාලට පෙන්නලා දෙනවා. ගල්බොඩ ඇල්ල සරුසාර වෙන්නේ වැහි දිනයන්ට පමණයි. 
මේ නිසා වෙනත් ඉසව්වකින් ගලන දිය පහරක් කෘතිමව හරවලා තමා අද දකින ඇල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ගුවන් රූප රාමු වලින් ඔබට ඒ ගැන දැක ගත හැකියි. හොඳන් වීඩියෝව නරඹන්න.
කෘතිමව නිර්මාණය කරත් අපට තියන සුන්දරම ඇල්ලක් තමා මේ ගල්බොඩ ඇල්ල. ඇල්ලේ උස මීටර් තිහක් පමණ වෙනවා.
ගල්බොඩ චාරිකාව වඩාත්ම සුදුසු එක්දින දුම්රිය චාරිකාවකටයි. කොළඹ සිට ඔබ යන්නේ නම් දිවා ආහාරයටත් එක්කම ඔබට වැය වන්නේ රුපියල් පන්සීයකටත් අඩු මුදලකි.  ( තුන්වැනි පන්තියේ මැදිරි )
දිවා ආහාරය ගමේ විදියට ගල්බොඩ දුම්රිය ස්ථානය අසලම නිවසකින් සාදවාගත හැකියි. චිකන් කෑම එකක් රුපියල් එකසිය පණහකට ඉතා රසවත්ව සාදා දෙනවා.  ඔබ දුම්රියෙන් බැස්ස පසු එතැනට ඇනවුම දුන්නාම වෙලාවට කෑම ටික ඔබට ලැබෙන්න සලස්සනවා ඔවුන්.
අඩුම පිරිවැයකින් එක් දින ගමනක් යන්න හිතන කාටත් වටින පුවතක් වේවි මේ කරුණ.
විඩියෝව වැදගත් නම් හොඳයිනම් මගේ යු බටේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ලින්කුව ෂෙයා කරන්න.
https://youtu.be/r6Uk--6Kzlw

Galboda Ella Fall
Galboda is an isolated village located in between Nawalapitiya and Watawala, in the Colombo-Badulla, the upcountry railway.
The Galboda Ella Fall in the Central Province. Galboda Falls is 30m high but the width ranges from between 3m and 6m, depending on the season.
At certain times of year, the water also cascades in two streams. Growing in the surrounding woodland is a rare species of orchid and the vicinity is home to a wide variety of wildlife. Among them are 12 species of reptile and four are only found in Sri Lanka.

2018-05-08

Ahungalla sea turtle conservation center


දකුණු ලක මුහුදු තීරිය කැස්බෑවන්ට සුර පුරකි. සිය වර්ගයා බෝ කරන්නට කැස්බෑවන් බිජු ලන්නට නිරන්තර මුහුදු වෙරළට සේන්දු වෙයි. එහෙත් එම බිජු පැටවුන් බිහි කරනවා වෙනුවට ගොඩ දමා හෝටලවලට අලවි කිරීමට තරම් මිනිසා කෘර වී ඇත.

එනිසාම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන දකුණු කීපයක්ම දකුණු මුහුදු තීරයේ ආරම්භ වී තිබේ. 
නොබෝදා අපි අහුන්ගල්ල කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය දැක ගන්නට ගියෙමු.
මිනිසුන් ගොඩ දමන කැස්බෑ බිත්තර මුදලට අරන් නිසි පරිදි ඒවා රැකීමකට ලක් කොට දින පැටවුන් මෙලොව එළිය දුටු පසු මුහුදට මුදා හැරීම මෙහිදී සිදුවෙයි.
ඔවුන් ඒ වෙනුවෙන් මහත් කැප කිරිමක් වියදමක් දරයි.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එම මධ්‍යස්ථානයේ දෛනික ක්‍රියාකාරිත්වයන් ය.

2018-04-06

ගල් ඔය ජාතික වන උයනට ඔබ තාමත් ගියේ නැද්ද? Gal Oya National Park

අම්පාර චාරිකාවක දී ඔබට යා හැකි මා හැඟි ස්ථානයකි ඉඟිනියාගල සේනානායක සමුද්‍රය. මහා ජල කඳක් රඳවාකන ඇති මේ සමුද්‍ර මායිමේ තවත් අගනා සම්පතක් වෙයි. ඒ ගල් ඔය ජාතික වනෝද්‍යානයයි.
ජාතික වනෝද්‍යාන අතර නාමාවලි ගත වුවත් බහුතර ජනතාවක් තාමත්  මේ වන උයන අමතක කර ඇති සේයාවකි පෙනෙන්නට ඇත්තේ.
ලංකාවට ආවේනික වූ වලස් විශේෂයක් හා දිවියා දක්නට ලැබෙන අගනා බිම් තීරයකි මේ ගල් ඔය වනෝද්‍යානය.

Feed!

RSS Feed!
RSS Feed!
RSS Feed!
Subscribe to our RSS Feed! Follow us on Facebook! Follow us on Twitter! Visit our LinkedIn Profile!
Feed!

ඉන්ස්ටග්‍රෑම්

Instagram

tweet

ළබැඳි මිතුරන්